කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

තමාගේ දේපල පෙර ආත්මයේ දියණියට ලියා දුන් ජයරත්න මහතාගේ කතාව


  • අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා 
  • රාවණා රජු මට සිහිනයෙන් කතා කරනවා
  • මා මේ යන්නේ බුදුබවපතාගෙන යන ගමනක් 
  • දැන් ගත කරන්නේ දාන පාරමිතාව 
  • බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා 
  • ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට මම 2045 දී එනවා 
  • හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා 

  • තමාගේ පෙර ආත්මයේ දියණියට සියලු දේපල ලියා දුන් ලංකාවේ ඉතිහාස ගවේෂක ජයරත්න පතිආරච්චි මහතා පිළිබඳව අප මෙයට පෙර ලිපියකින් හෙලි කලා. පහතින් දැක්වෙන්නේ ඔහු ඒ පිළිබඳව සිදුකල හෙළිදරව්වක් වේ.
    පෙර ආත්මයේ දියණිය කියා හදුනාගත් යුවතියකට ඔබට විසීමට තිබු එකම නිවස සහ ඉඩම පරිත්‍යාග කළා කියා දැනගන්න ලැබුනා. මේ ගැන ඇහුව බොහෝ දෙනා ඇහුවේ ඔබට පිස්සුදැයි කියා. ඒ ප්‍රශ්නය කෙලින්ම ඔබට යොමු කරනවා.
    මට පිස්සු නැහැ. මා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නවා. මට මානසික රෝගයක් නැති බව පසුගිය අවුරුද්දක ගල්කිස්ස දිසා අධිකරණයේ නියෝගය පිට පර්යේෂණ කොට අංගොඩ මානසික රෝහලේ වෛද්‍යය වාර්තාවක සඳහන් වනවා.
    ඇයි මේ වගේ පරිත්‍යාගයක් කරන්න හිතුනේ?

    කොහෙත්ම අවරුදු 12 සිට ආශාවන් ඇත හැරියා. දැන් කිසිම දෙයක් ගැන ආශාවන් නැහැ. මා අවුරුදු 12 සිටම ඇඟට පළදනා කිසිම දෙයක් පලදලා නැහැ, පලදින්නේත් නැහැ, ඒවාට ආසත් නැහැ.අත් ඔරලෝසු මුදු තියා මම පාවහන් හෝ සපත්තුවත් පලදින්නේ නැහැ.

    කව්රුහරි තෑගී දුන්නත් මා ඒවා වෙන කෙනෙකුට දෙනවා. කුඩා කාලයේ මහන වීමට ආසාවෙන් හිටියා නමුත් බැරි වුනා.අම්ම ඊට ඉඩ දුන්නේ නැහැ. පසුව බිබිල පැත්තේ කාලයක තිබෙන ගල් ගුහාවක අවුරුදු තුනහමාරක් භාවනා කරමින් භාවනා කරමින් කාලය ගත කළා. ඉතිපිසෝ ගාථාව හාරලක්ෂ අසුපන්දහස් හාරසිය හතලිස් අට වරක් කියලා බුද්ධ ශක්තිය ලබා ගත්තා.

    මුහුර්ත බුදුන්ගෙන් විව්වරණ ලබාගෙන ගෞතම බුදුන් දකවා හාරලක්ෂ අසුපන්දහස් හාරසිය හතලිස් අටක් සිටියා.එක බුදු වරයෙක් වැදීමට එක වරක් ලෙස ඉතිපිසෝ ගාථාව කිව්වා.මට ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙකුගේ පෙර ආත්මය ගන්න පුළුවන් ඉතිපිසෝ ගාථාව කියලා.එය මා ලබාගත් අධ්‍යාත්මික ඵලයක්.
    එම අධ්‍යාත්මික ඵලය ලැබුනේ වයස අවුරුදු කියේදීද? 
    කව්ද ඔබට උපදෙස් දුන්නේ?
    හැමදේම හෙළිකරන්න පුළුවන් කමක් නැහැ.සමහර දේවල් රහස්. නමුත් මෙහෙම කියන්න පුළුවන්.මා සමග රාවනා රජු සිහිනයෙන් කතා කරනවා.
    රාවනා රජු ඔබ සමග කතා කරන්නේ කොපමණ කල් සිටද?
    මා සෙල් ලිපි හෝ පුරා විද්‍යාව පිලිබඳ කිසිදු විශ්ව විද්‍යාලයකින්ඉගෙන ගෙන නැහැ. නමුත් මා මේ පිළිබඳව කැලණිය විශ්ව විස්යාලයේ දේශනා පවත්වා තිබෙනවා. විශ්ව බලය තුලින් මට ඒ හැකියාව ලැබී තිබෙනවා. මට මේ තුන් ලෝකයේම සිටින සියලුම නාග යක්ෂ දේව ගෝත්‍ර සමග කතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. රාත්‍රියේදී සිහිනයෙන් අහවල් සෙල් ලිපිය අහවල් තැන තිබෙනවා කියා එතෙක් හදුනා නොගත් සෙල් ලිපි වරින් වර මට පෙන්වා දුන්නා.
    එසේ පර්යේෂණ කර ඔබ සෙල්ලිපි කියවන ආකරයා සොයා ගත්තා කියමු.මොකද්ද මේ පෙර ආත්මේ දියණියක සොයා ගත්තා කියන කතාව? කොහමද පෙර ආත්ම වල සම්බන්ධතාවයන් සොයා ගන්නේ?
    පසුගිය කාලයක පෙර ආත්ම පිළිබඳවත් පර්යේෂණ කිරීමට පටන් ගත්තා.මේවන විට එවැනි පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. පෙර ආත්ම ගවේෂණයට යොදා ගන්නේ මම විශේෂ ක්‍රමයක්.
    මා කෙනෙකු පෙර ආත්මය කරා රැගෙනයන්නේ මෝහනය කිරීමෙන් නොවේ.මා පෙර ආත්ම වලට කෙනෙකු ගෙන යන්නේ රාවනා ශක්තිය මගිනුයි. තවත් ස්වාමින් වහන්සේ නමක් සහභාගී කරවාගෙන ගැහැණු ළමයි හතර දෙනෙකු හරහා අප ඉතා රහසිගතව ත්‍රිපිටකය පවා නියම ආකාරයෙන් පරිවර්තනය කර තිබෙනවා.
    ඔබ විවාහකයි.දරුවන් නැති වුනත් ඔබටත් බිරිඳටත් ඉන්නට තිබු එකම නිවස මෙහෙම පරිත්‍යාග කිරීමට හේතුව මොකද්ද?
    පරිත්‍යාගය............පරිත්‍යාගය ඉතින් එදා ඉදන්ම කරන දේවල්. මේක මම බුදු බව පතාගෙන යන ගමනක්. ඒ බුදු බව පතාගෙන යන ගමනේ මා හිතාගෙන ඉන්නේ මේක මගේ දාන පාරමිතාව කියල.

    මම ගමේ තිබුන ඉඩකඩම් විකුණලා පසුව අරගත් නුගේගොඩ මිරිහාන මා පදිංචිව සිටි නිවසත් විකුණා ලැබූ මුදල් වලින් තමයි අපේ ඉතිහාස පිලිබඳ නිවැරදි කරුණු හෙළිදරව් කරන පොතත් පත් මුද්‍රණය කරේ.

    මෑතකදී මට හමුවූ දිළිඳු පවුලක් මා දන්නා හදුනන කෙනෙකුගෙන් ඉඩමක් නිවසක් ලබාදෙන ලෙස පැවසුවා. ඔවුන් සිටි නිවස පැලක් කියන්න පුළුවන්. ඔවුන්ගේ තරුණ දියණියට ආරක්ෂාව එහි ප්‍රශ්නයක් වුනා. ඔවුන් රෑට සිටියේ නින්දත් නොනින්දත් අතර ගෙයක් පරිත්‍යාග කරන්න කෙනෙකු හිටියේ නැහැ. ඒ නිසා මගේ නිවස පරිත්‍යාග කරා.
    ලොකු ආන්දෝලනයකට තුඩු දී තිබෙන්නේ මේ නිවස හා ඉඩම පරිත්‍යාග කරේ පෙර ආත්මයේ දියණියකට පරිත්‍යාග කල බව පවසිමෙනුයි, ඒ ගැන පැහැදිලි කලොත්?
    ඔය දැරිවි දුටු පළමු දිනේදීම මම ඒ බව දැනගත්තා. පුහාඹුගොඩ ඔය ගෙය හා ඉඩම් මිලදීගෙන මට යන්නට වුනෙත් විශ්වයේ බලපෑම් උඩයි. මා එය දන්නවා.මා ඇරැව්වල ඉඩමක් ගැනීමට අත්තිකාරම් මුදලක් බැඳ සිටියත් ඒ අත්තිකාරම පවා ආපසු නොගෙන පුහාඹුගොඩට මා යැවුනේ ඒ ප්‍රදේශය හා බැඳුනු ඉතිහාසගත කරුණු සහ පෙර ආත්ම සම්බන්ධයි.

    රාවනා රජුගේ මිත්තනිය වන මේ ලෝකය පාලනය කරන කාල භගිනි මෑණියන්ගේ භුමියකටයි අප යැවුනේ. එහි ගොස් රාවන රජතුමා සම්බන්ධ කාර්යන් කරගෙන යමින් සිටින විටදී තමා පරිත්‍යාග ලැබූ දරුවා හම්බුනේ. සාමාන්‍යයෙන් කෙනෙක් දැක්ක ගමන් මට ඒ කව්රුදැයි මට කියන්න පුළුවන්. ඉතිහාසගත සම්බන්ධයක් තියෙනවානම් මට එක දැනෙනවා. සමාජයේ ප්‍රසිද්ධ චරිත පවා "ඔය ඉතිහාසයේ අහවලා" කියා කියූ අවස්තාවන් තියෙනවා. ඒ හදුනාගැනීම් ප්‍රසිද්ධ කරන්න අවසරයක් නැහැ.ඒ ඒ ය සමහරවිට සීමිත කණ්ඩායමක් ඒ පිළිබඳව දන්නවා.

    රාවනා රජතුමාගේ කාලයේ ජීවත්ව සිටි චරිත විශේෂයෙන්ම එතුමාගේ සහෝදර සහෝදරියන් වත්මන් ස්වරූපයන් මා විසින් හදුනාගෙන තිබෙනවා.එසේම දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටි චරිත මෙන්ම බුද්ධ කාලින චරිතද මා හදුනාගෙන තිබෙනවා. බුදුන් සසර තරණය කල බව ලියවී තිබීම නිසා සමාජයේ විශ්වාසය එපරිද්දෙන්ම තහවුරු වුනත් ඒ කාලයේ සිටි සමහර චරිත තවමත් සසර සරි සරණ බව දැකීම පුදුම සහගතයි.

    මේවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අසීරුයි. අප මේවා පැහැදිලිකල විට ඇතැමුන් බුදු දහමට නිගා කරනවයි චෝදනා කරනවා.

    මේ දරුවා දුටු විට ඇය කව්දැයි හදුනාගත් මා දිළිඳු පව්ලක උපන් යට කිසියම් උදව් උපකාරයක් කල යුතුයැයි සිතා පරිඝනකය හුරු කිරීමට කතා කළා.ඇය අයගේ ඇස්වල වේදනාවක් ඇති කියා ප්‍රතික්ෂේප කළා.ඒ මිට අවුරුදු 4 කට පමණ කලින්. ඇගේ නම නදීෂා සමන් කුමාරි. ඇගේ මව රබර් කිරි කපා ජිවත් වන්නේ. කුඩා දේවාලයක්ද පවත්වාගෙන යනවා.

    කෙසේ හෝ මගේ ඉඩමට අල්ලපු ඉඩමේ පදිංචිව සිටින ඒ දරුවාගේ අක්ක හා සැමියා හා කතා කර ගේ අසලින් යන අධිවේගී මාර්ගයේ පසෙක තිබෙන කුඩා එහෙත් මා විසින් විශේෂයෙන්ම බල පිහිටුවා සකස් කල ගල අසලට ඔවුන්ව කැඳවාගෙන ගියා.

    ඒ ගැහැණු දරුවාට ගල මත ඉඩගනිමට සලස්වා ඉතිපිසෝ ගාථාව සිය පාරක් කියන්න කිව්වා. අනතුරුව අයව නිවසට කැඳවාගෙන ගිහින් රාවනා දැහැන ගීත ගායනය ඇසෙන්නට සැලැස්වූවා. මා එම දරුවාගේ අත ස්වර්ශකොට රාවනා ශක්තිය ලබා දුන්නා.

    ඒ ළමයා තමාගේ පෙර ජන්ම ආත්මයට ගියා. නැවත නැවත පර්යේෂණ කරනවිට ඊට ඉහල ආත්ම වලටත් ගියා. මෙම පර්යේෂණ වලදී තහවුරු වුනා ඒ දරුවා ආත්ම හතක මගේ දියනියකව ඉපිදී සිට ඇති බව.

    මගේ බිරියටත් එක ආත්මයක දියනිකව සිටි බව හෙළි වුනා. ඔහම ටික කලක් යද්දී මගේ බිරියම යෝජනා කළා අපේ නිවසින් කොටසක් ඒ යට දෙමු කියලා. මම කිව්වා ඔවුන්ගේ කච බච මට කරදරයක් වෙයි කියලා දෙනවනම් මුළු නිවසයි ඉඩමයි දෙමු කියලා.

    අප දන්නා හදුනන මහතෙකු යෝජනා කළා බඩුමුට්ටු එක්කම දෙන්න. ඒ අනුව අප ඒ සියලු දේම ඔවුන්ට දීල ආව.


    මේ ගැහැණු ළමයා ඔබලාට දුවක වන්නේ කුමන ආත්මයකදීද? ඒ කාලයේදී ඔබ කවරෙකුව ඉපිද සිටියේද?
    රාවනා රජතුමාට සම්බන්ධකම් තියෙන නිසා ඒ ආත්මයේ දුවක වූ සැටි හෙළිකරන්න විදියක් නැහැ. නමුත් අද අප ඊශ්වර දෙවියන් කියා හදුන්වන කෙනාගේ නම ඊශ්වර නොවේ. ඔහු සුදර්ශන සිටු තුමයි. ඔහුගේ මාලිගය තිබුනේ දැන් වාද්දුවේ බ්ලූ ලගුන් හෝටලය තිබු තැන ඉදන් කිලෝමීටර් අටක් පමණ මුහුදට වන්නයි.එය සත්මහල් ප්‍රාසාදයක්. සුදර්ශන සිටුතුමා සහ ඔහුගේ දියණිය ආවගිය පුණ්‍ය භූමියක් තමයි කළුතර මතුගම "මහා කළුපහන"කියා හදුන්වන්නේ. පෙර ආත්ම මතකයක් තිබෙන නිසා මා ඒ තැන දන්නවා.මේවා ඉතිහාස පොත්වල නැහැ.
    මේ දරුවා ඒ තැන්වලට ගෙනහින් කල පර්යේෂණ වලට අනුව ආත්මගත සම්බන්ධතාවයන් මා හදුනාගත්තා. එවැනි ආකාරයට ඉතිහාසගත චරිත සියයයක් පමණ හදුනාගෙන තිබෙනවා.

    ඉතින් ඔය චරිත මොනවාදැයි කියා අපිට කියන්නේ නැතිද?

    නොයෙක් කාරණා නිසා දැන්ම ඒ චරිත අනාවරණය කරන්න බැහැ. නමුත් 2014 වනවිට එම චරිත සමහරක් හෙළිකර හැකියි. සාමාන්‍යයෙන් 2035 දී තමයි මේවා හෙළිකරන්න පුළුවන්. ඒවා ඉහලින් එන නියමයන්.

    ඒ කියන්නේ ඔබ තව දිගු කලක් ජිවත්වන්න අදහසක් නැතිද?

    හෙට මැරුණත් මට කමක් නැහැ,මම කල යුතු වැඩකොටස මම ඉටුකරකා තියෙනවා. නමුත් මා දන්නවා මා ඉක්මනින් මැරෙන්නේ නැහැ.

    මා මැරෙන්නේ අවරුදු 83 දියි. රාවනා රජතුමා කියා තිබෙනවා මා අවරුදු 83 ක් ජිවත් කරවනවා කියා. මා වගකීමෙන් කියනවා අද ගෝඨාභය රාජපක්ෂ මහතා වාඩිවී සිටින පුටුවයි ලලිත් වීරතුංග මහතායි වාඩිවී සිටින පුටු දෙක එකතුකොට 2045 දී මා එහි වාඩිවනවා රාජ්‍යය ලේකම් ලෙස. එසේ රාජ්‍යය ලේකම් ධුරයට පත්වී දින හතෙන් මා මැරෙනවා. එවිට මට වයස අවරුදු 83 ක් වෙයි.

    මේ සියලු දේ මම ප්‍රකාශ කරන්නේ රාවනා රජතුමා ඇතුළු දෙවියන් හතලිස් දාහක් සමග සාකච්චා කර ලබාගත් බලය තුළිනුයි.


    -රු කාරියවසම් (මව්බිම පුවත්පත)


    කොග්ගල නිළමේ හැදින්වීම



    පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි දේපල පෙර ආත්මයේ දියණියට ලබාදී පාරට බසී

    Wednesday, February 29, 2012

    පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත පල කෙරුවෙකි.

    ජයරත්න පතිආරච්චි මහතාට අනුව දැනට අප අධ්‍යනය කරන ශ්‍රී ලාංකික ඉතිහාසය සම්පුර්ණයෙන් වැරදි සහගතය. ඔහු විසින් ලංකාව පුරා ඇති සෙල් ලිපි ගණනාවක් අධ්‍යනයකොට ඇති අතර සෙල්ලිපි  සෑමපුද්ගලයෙකුටම කියවිය හැකිසේ අක්ෂර මාලාවක් හදුන්වා දීමටද කටයුතු යොදා තිබිණි.

    ඒ අනුව ඔහු සිදුකල ගවේෂණ වලින් ලංකාව පුරා ඇති සෙල් ලිපි 18 ක බුදු රජාණන් වහන්සේගේ නම සඳහන්ව ඇති බවත් බුදුන් උපන් දේශය ඉන්දියාව නොව ශ්‍රීලංකාව බවත් ඔහු මින් කලකට පෙර ප්‍රකාශකොට සිටියා.

    මේ පිළිබඳව ජයරත්න පතිආරච්චි මහතා විසින් ලියනලද ලිපියකින් තමන්වහන්සේටත්, බුදු දහමටත් අපහාසකොට ඇති බව ප්‍රකාශ කරමින් හෑගොඩ විපස්සි හිමියන් අධිකරණයේ ජයරත්න මහතාට එරෙහිව නඩුවක් පැවරු අතර එම නඩුව ආරම්භයේදී ජයරත්න මහතා මානසික ව්‍යාධියකින් පෙලෙන්නේද යන්න පරික්ෂාකොට එසේ නොමැති බව සහතික කරගන්නා ලදී.

    කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම රාවනා ශක්තියෙන් පෙර ආත්මයන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජයරත්න මහතාට තමාටත් තම බිරිඳටත් ආත්ම ගණනාවකදී දියණියක් ව සිටි දැරියක් ව සොයාගෙන ඇත.
    එම දැරිය ඉතා දුප්පත් තත්වයේ පසුවන බැවින් ජයරත්න මහතා විසින් තමාගේ කළුතර ඇති ලක්ෂ 25 ක් පමණ වන නිවාස හා දේපල එම දියණියගේ පවුල වෙත ලියා දී බිරිඳ සමග තාවකාලික නිවසක පදිංචියට ගොස් ඇත.


    කොග්ගල නිළමේ හැදින්වීම