කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

අපට නොපෙණෙන ලෝකය

මේ දුකින් එතෙරවීම ඇත්තේ ඔබ අතේමය

අපට නොපෙණෙන ලෝකය පිළිබඳ උනන්දුවන ඔබට යම්කිසි ප්‍රමාණයක ඒ පිළිබඳව වැඩි අද්දැකීමක් ලබන්නට මෙම තොරතුරැ උපකාරී වනු ඇතැයි සිතමි. බුදුදහමින් කියවෙන සත්වයා උපදින්නා වූ විවිධ ස්ථාන හා එම උපත්ති ස්වභාවයන් බුදු බණට අමතරව කියවීමෙන් මෙන්ම නැරඹීමෙන් ද වටහා ගන්නට උත්සහ කරන්නේ නම් ඉන් ඔබට වාසියක් මිස අවාසියක් අත්වීමට ඉඩක් නැත්තේ ය. මන්ද එම වටහා ගැනීම දෙවියන් අතර මෙන්ම අපාගත සත්වයන් අතර ඉන්නේ ද අප මෙන් කලක් මිනිස් ජීවිත ගතකර මියපරලොව ගිය මිනිසුන්ම බව දැන ගැනීම ඔබේ ඉදිරි ජීවිතය සකස් කර ගැනීමට පිටුවහලක් වන නිසාය. පහත දැක්වෙන්නේ එවන් අපේ ඇස් මායිමෙන් එපිට ඇති ලෝකය පිළිබඳව කෙරුන වැඩසටහනක කොටස් ය.

මෙහි දී විශේෂයෙන් ඔබ මතක තබාගත යුතු කරැණ වන්නේ බුදු දහමේ රැකවරණයෙන් හැර මේ අනතුරෙන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකි බව

එසේනම්, කෙසේද මෙවන් අනතුරැවලින් අප මිදෙන්නේ....?

1. කුසලයේ යෙදීමෙන්
2. පස්පවින් වැලකීමෙන්
3. නිතර තුණුරැවන් ගුණ සිහි කිරීමෙන්
4. සුගතියේ සිත පිහිටුවා ගැනීමෙන්
5. වෛරය ක්‍රෝධය පළිගැනීම.... වැනි අයහපත් සිතුවිළි වළින් ඈත්වීමෙන්



මෙම දර්ශණ පෙළ හුදෙක් ඔබේ ධර්මානුකූල ජීවිතයට අනුබලයක් ලෙස ඉදිරිපත් කෙරේ. 
මෙය හුදු විනොදයක් හෝ හාස්‍යයක් ලෙස නොසලකන්න. 
ඔබ මෙයින් යම් ආදර්ශයක් ගෙන යහපත් ජීවිතයක් ගතකරයි නම්, 
එය මෙම දර්ශණ පෙළ සකස් කිරීමට සහාය වූ සියළු දෙනාටම කුසලයක් අත්කර දෙනු ඇත.
තෙරැවණ් සරණයි !


ඉතිරි කොටස...

කවරනම් හේතුවක ඵලයක්ද...?


බුදුදහමට අනුව අපට නොපෙණෙන ලෝකය
අපට නොපෙණෙන ලෝකය 1 2 3

අපට නොපෙණෙන ලෝකයෙන් අපට කෙරෙන පලපෑම්

Nirisathwayo Full Teledrama
නිරිසත්වයෝ


කොග්ගල නිළමේ හැදින්වීම වෙත