කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

කොග්ගල නිළමේ හැදින්වීම

කෙනෙකුගේ මරණයත්, මරණය සිදුවන අවස්ථාවේ සිත ක්‍රියා කරන ආකාරයත් හේතුකොටගෙන සත්වයා උපදින ආකාරය මෙන්ම එසේ උපදින සත්වයන්ගේ පැවැත්ම මෑත අතීතයේ එක්තරා සත්‍ය සිදුවීමක් පාදකකොටගෙන රචිත මෙම ග්‍රන්ථය මඟින් මනාව හෙළි වේ. මෙහි දැක්වෙන සිදුවීම් විතක්ෂන බුද්ධියෙන් හා නුවනින් යුතුව කරැණු විමසා බලන කල අපට නොපෙණෙන ලෝකයේ සිදුවන්නා වූ විවිධ ක්‍රියා කාරකම් මිනිසාට බලපවත්වන්නේ කවර අයුරින්ද යන්න වටහාගත හැක.

එසේ ම මෙම ග්‍රන්ථය මඟින් අප වෙසෙන මේ පුණ්‍ය භුමිය මීට වසර දහස් ගණනකට පෙර පැවැති ආකාරයත් එහි දේශපාලන, සමාජ, ආගමික සහ ආර්ථික පසුබිම මෙන්ම අනාගතයේ රටට මුහුන පෑමට සිදුවන භයානක විපත්තිදායක  තත්ත්වයත් මනාලෙස පෙන්වා දී ඇත. එසේම මෙතෙක් ඉතිහාසයෙන් හෝ පුරාවිද්‍යාවෙන් මතු නොවූ අතීත කරැණු රාශියක් ගැන මෙහි සඳහන් වේ. අවසනාවකට මෙහි බුදුන්වහන්සේ ජීවමාන කාලය සම්බන්ධ තොරතුරැ විරලවීම සහ ඒ හා සම්බන්ධ අතීතය හඳුනා ගැනීමට ලැබෙන අවකාශය අඩු වුවත්, බුදු දහමින් ඉගැන්වෙන බොහෝ කරැණු මෙහි සමස්ත කතාව තුළින් තහවුරැ වේ. 

අතීතයේ සිට වර්තමානය ඔස්සේ කෙලවරක් නොපෙණෙන අනාගත පැවැත්ම කරා මිනිසා තරඟකාරී ලෝකයේ දිවයන අතර දැහැමි හෙළ සමාජයක සිරිත් විරිත් අකාමකා දමමින් තම ජාතියත් ආගමත් රටත් විනාශය කරා රැගෙන යන බව මීට අඩසියවසකටත් වඩා වැඩි කාලයකට ඉහත දී හෙළි කරන ලද මෙම ග්‍රන්ථයේ තොරතුරැ වර්තමානය හා සැසදීමේ දී වඩාත් තහවුරැ වේ. ඒ අනුව බෞද්ධ ඔබට හා අනාගත පරපුරේ බෞද්ධයන්ට බුදුන්වහන්සේ දේශනා කරන ලද ධර්මය අවබෝධ කිරීමට ඇති කාලය සහ ඉඩකඩ ඉතා සීමිත බව මනාව පැහැදිළිය.


ඔබට මෙම  කෘතියෙන්....

1. දානයේ ආදීනව ආනිසංශ.
2. අවසන් මොහොතේ චේතනාව ඊලඟ උත්පත්තියට හේතුවන ආකාරය.
3. පළිගැනීමේ චෙතනාවට අනුව මරණයෙන් මතු ක්‍රියා කිරීම.
4. සිල්වත් ගුණයහපත් මිනිසුන්ට දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙන අයුරැ.
5. අපාගතවීමෙන් පසු එහි ගතවෙන දීර්ඝ කාලය වැනි කරැණු මෙන්ම,
6. රාවණා යුගයේ ඵෛතිහාසික තොරතුරැ ද දැනගත හැකි වේ.

කොග්ගල නිළමේ සඳහා යොමුව පහළින්...


(දුරකථන සහ වෙනත් ගමන් මාර්ග සඳහා රෑපය මත ක්ලික් කරන්න)

Share this page


අපට නොපෙණෙන ලෝකයෙන් අපට කෙරෙන පලපෑම් දැනගන්න ඊලඟ පිටුවට යන්න.